e-Shift : විද්‍යුත් ප්‍රවාහන විසදුම් තුළින් - තිරසාර අනාගතයක් වෙත වේගයෙන්
e-Shift අපේ කාර්යය
e-Shift සමග විද්‍යුත් ප්‍රවාහන විසදුම් තුළින් තිරසාර ප්‍රවේශයක්
e-Shift වෙත පිළිගනිමු, එය හුදෙක්ම ව්‍යාපෘතියක් පමණක් නොවේ. එය සියලූ ශ්‍රී ලාංකිකයන් අතර ආකල්පයන් සහ හැසිරීම් රටාවන් නව මානයකට රැගෙන යමින් අවදානමට ලක්ව ඇති අපගේ පරිසර පද්ධතින් ආරක්ෂා කරගැනීම සහ සංරක්ෂණය කරගැනීම දක්වා රැගෙන යන තිරසාර ආකෘතියකි. අපගේ දැක්ම: පරිසරයට එකතු වන කාබන් පියසටහන අවම කර, පොසිල ඉන්ධන භාවිතයෙන් තොර පරිසරයක් වෙත යොමුවීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමයි.
e-Shift හී අවධානය මූලික කරුණු තුනක් වෙත යොමුකරයි, එනම් පොසිල ඉන්ධන භාවිතයෙන් ධාවනය වන සම්ප්‍රදායික වාහන වෙනුවට විද්‍යුත් වාහන භාවිතය සඳහා ශ්‍රී ලාංකිකයන් පෙළඹවීම, විදුලි වාහන ආරෝපණ ස්ථාන ව්‍යාප්ත කිරීම සහ තිරසාර ගමනාගමන පද්ධතියක අවශ්‍යතාවය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථාන පිහිටවීමයි.
eShift පසුබිමේ බලවේගය
අධ්‍යාපනය
The e-Shift Concept Centre යනු හුදෙක් විද්‍යුත් වාහන වලට පරිවර්තනය කරන මධ්‍යස්ථානයකටත් වඩා එය අවබෝධය තුළින් තීරණය වෙත එළඹීමට යොමු කරවන සංකල්ප මධ්‍යස්ථානයකි. එය සෑම කෙනෙකුටම තිරසාර ප්‍රවාහනයක් වෙත පහසුවෙන්ම සහ ආර්ථිකමය වශයෙන් වෙනස්වීමේ ඇති ඉඩපහසුකම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදෙන අධ්‍යාපනික ස්ථානයකි. අප නොදකින පැතිකඩයන් පිළිබදව පැහැදිලි අවබෝධයන්, මාර්ගෝපදේශයන් සහ සම්පත් ලබාදීම තුළින් තිරසාර ප්‍රවාහන විස`දුමක් වෙත ඔබ පහසුවෙන්ම යොමු කිරීමට අවශ්‍ය සේවා සම්පාදනය කරයි.
ආරෝපණ ස්ථාන ජාලය
e-Shift යටතේ, දිවයිනේ ප්‍රධාන කලාප ඉලක්ක කරගනිමින් ආරෝපණ ස්ථාන ව්‍යාප්ත කිරීමට අප කැපවෙයි. අපගේ උත්සහය වන්නේ පිවිතුරු, හරිතවත් පරිසරයක් ව්‍යාප්ත කිරීමට පෙළඹවීම පිණිස විදුලියෙන් කි‍්‍රයාත්මක වන ඕනෑම වාහනයක් නැවත ආරෝපණය කරගැනීමට අවශ්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීමයි.
විද්‍යුත් වාහන වලට පරිවර්තනය
අපගේ ත්‍රීරෝද රථ පරිවර්තන වැඩසටහන, පරිසරයට එකතුවන කාබන් පියසටහන අවම කිරීමට සහ පිරිසිදු, හරිත ප්‍රවාහනය ක්‍රමයක් වෙත යොමුවීමට ඇති අපගේ කැපවීමේ හරය වෙයි. අති නවීන තාක්ෂණය සහ ප්‍රවීණත්වය සමගින්, සම්ප්‍රදායික ත්‍රීරෝද රථ කාර්යක්ෂම විද්‍යුත් වාහන බවට පත් කිරීම වෙනුවනේ අප, ව්‍යාපාර සහ පුද්ගලයින් සවිබල ගන්නවන්න කැපවී සිටියි.